+94 716 658 658
info@sanathgamage.com
Facebook
Google+
LinkedIn
YouTube
Sanath Gamage
  • Home
  • Video Lessons
  • Profile
  • Workshops
  • Publications
  • Articles
  • Blog
  • Relationship coaching session
  • Life Coaching Sessions
  • Study coaching service
Sanath Gamage

ස්වයං යෝජනා වල බලය අත් විඳින්න

October 27, 20152 commentssanathdef

ඔයාගේ ජීවිතේ පාළනය ඔයා සතුයි. අන් අයට දීපු නූල් ආපසු ඔබ අතට ගන්න. ස්වයං යෝජනා වල බලය අත් විඳින්න. සෑම දිනකම මේ ස්ව‍යං යෝජනා කණ්නාඩියකින් ඔබේ ඇස් දෙක දිහාම බලාගෙන කියන්න. පේන්න අලවා තියා ගන්න.

නැවුම් සිතුවිලි නිසා මගේ ජීවිතයම සොඳුරුයි! ආනන්දනීයයි! ප්‍රභාශ්වරයි!

මගේ ජීවිතයේ හැම මොහොතකම සතුට පිරිලා ඉතිරිලා!

හැම අවස්ථාවකින්ම හොඳක් වෙන බව මම ඉඳුරාම  දන්නවා.

හැම යහපත් දේ මම කරන්නේ ඉතාම කැමැත්තෙන් හා උනන්දුවෙන්!

හැම මොහොතක්ම මම ගත කරන්නේ හරිම සතුටින්

මම මගෙත් එක්ක ඉන්න හැම මොහොතකම සතුට පිරිලා ඉතිරිලා
මගේ ළඟ ඉන්න හැමෝටම සතුට බෙදා දෙන්න මට පුළුවන්
උදාවෙලා තියෙන හැම ලස්සන දවසකටම මම මටම ස්තුති වන්ත වෙනවා.

සෑම ලස්සන දවසකටම විශ්ව ශක්තියට ස්තුති වන්ත වේවා!

අලුත් අය හඳුනා ගැනීම හරිම සතුටක්
මට ඉතාම ආකර්ෂණීය පෙනුමක් තියෙනවා

මගෙන් වියයුතු කටයුතු මම කරන්නේ හරිම සතුටින්
මම මගේ රැකියාව කරන්නේ හරිම තෘප්තියකින්
මොහොතින් මොහොත මගේ ජීවිතයේ සතුට වැඩිවෙනවා
හැම ප්‍රශ්නයක්ම ගැටළුවක්ම මගේ ජීවිතයට ළඟා වෙන්නේ මට හොඳක් කරන්න
සැබවින්ම මම මට හුඟාක් ආදරෙයි

මේ ජීවිතයම අපූරු සොඳුරු චාරිකවක්
හැම විටම අළුත් විකල්ප සොයා ගැනීම පහසු කරුණක්
මා අන් අය අතර ඉතා ජනප්‍රියයි
මගේ අනාගතය සොඳුරු පියකරු එකක්
මගේ පවුලේ හැම කෙනෙකුටම මම කැමතියි.
මම හුඟාක් වාසනාවන්තයි.
මගේ ජීවිතයේ වෙන හැම යහපතකටම මම විශ්ව ශක්තියට ස්තුති වන්ත වෙනවා
මගේ අනාගතය ඉතාම දීප්තිමත්
මම ඉරක් වගේ ලෝකෙටම එළිය දෙන්න පුළුවන් කෙනෙක්
විශ්වයේ අනන්තවත් විශ්ව ශක්තීන් මගේ සතුටත් ප්‍රබෝධයත් වැඩි කරනවා
මගේ යටි සිතේ අසීමිත ශක්තියෙන් මට හොඳට වැඩකරන්න පුළුවන්
මා උපන්නේ දිනන්නයි. ඔව් මට පුළුවන්
මගේ හැම දිනුමකින්ම අනිත් අයටත් යහපතක් වෙනවා
මගේ ජීවිතේ ඉලක්ක දිනා ගන්නේ හරිම කැමැත්තකින්, හුඟාක් අභිමානයකින්

හැම දවසකම හැම මොහොතකම මම ප්‍රබෝධයෙන්
සෑම දවසකම සෑම මොහොතකම මම මගේ ඉලක්ක වෙත ළං වෙනවා.
ජීවිතයේ හැම අභියෝගයක්ම මා සතුටින් ජයගන්නවා
සතුට පිරුණු මගේ සිතට හැමෝටම මෛත්‍රිය කරන්න පුළුවන්

wordpress theme by initheme.com

Previous post මතක ඇතුව අද රුවල් දමා ගන්න. Next post අද ජයග්‍රාහී ශක්තිය පිරුණු අසිරිමත් දවසක් වේවා….

2 comments. Leave new

dammika
November 5, 2018 9:15 pm

Watina lipeyak

Shalika Karunaseeli
January 5, 2019 8:45 am

සැබවින්ම ජීවිතය දුක් සාගරයක් සේ පෙනුන මට , මා කව්ද යන්න හදුනා ගන්න අහම්බෙන් ලැබුන ලිපියකි ඔබ.

Recent Posts

  • වෙනස් වෙන්න පුළුවන්, අලුතින් හිතන්න පුළුවන්. වෙනස් නොවුනොත් විනාශය වලක්වන්න බැහැ.
  • බාධක එන්නේ අලුත් ශක්තියක් ඔබට දෙන්න. ජයගන්න ඔබට පුලුවන්
  • මට බැරි නම් කාටද පුලුවන් හැම දිනකම ඔබටම තහවුරු කරන්න
  • ඇතිතරම් මුදල් ඔබට ලැබෙන ප්‍රබලම ස්වයං යෝජනා NLP based Affirmations ඔබේ යටිසිතේ තැන්පත් කරන්න
  • වැඩට යන ගමන් හෝ වැඩ කරන ගමන් නිතර අහන්න, දින 90ක් ඇතුළත ඔබ සිතන පතන බොහෝ දේ ලැබෙනවා

Recent Comments

  • ඉන්ද්‍රරත්න on විශ්වාසයෙන් අදහන්න මෙම ස්වයං යෝජනාව
  • buy research paper on ආකර්ෂණ නීතිය ඉටුවෙන්න, යටිසිත ක්‍රියාත්මක වන්න අත් හැරීමේ ක්‍රමය Expert view on Law of Attraction.
  • jhone on ආකර්ෂණ නීතිය ඉටුවෙන්න, යටිසිත ක්‍රියාත්මක වන්න අත් හැරීමේ ක්‍රමය Expert view on Law of Attraction.
  • best CBD oil on ආකර්ෂණ නීතිය ඉටුවෙන්න, යටිසිත ක්‍රියාත්මක වන්න අත් හැරීමේ ක්‍රමය Expert view on Law of Attraction.
  • CBD oil for anxiety on ආකර්ෂණ නීතිය ඉටුවෙන්න, යටිසිත ක්‍රියාත්මක වන්න අත් හැරීමේ ක්‍රමය Expert view on Law of Attraction.

Archives

  • September 2024
  • June 2024
  • December 2021
  • July 2021
  • January 2021
  • December 2020
  • October 2015

Categories

  • Inspirational Words
  • Law of Attractions
  • Positive Thinking
  • Videos
  • Home
  • Video Lessons
  • Profile
  • Workshops
  • Publications
  • Articles
  • Blog
  • Relationship coaching session
  • Life Coaching Sessions
  • Study coaching service
Copyright © 2018 - 2023 Sanath Gamage, All rights reserved | Designed & Concept by Deftfino